Tuesday, April 22, 2025

General line - 0115112241

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



මන්නාරම නගරයේ සිදුකල වැටලීමකදී බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද එම බීඩි කොළ තොගයේ බර කිලෝ 33 යි ග්‍රෑම් 800 ක් වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.