Thursday, April 24, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු වන මූල්‍ය වංචාවන් ඉහලට



වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන සන්නිවේදන උප ක්‍රම හරහා ජනතාව මූල්‍ය වංචාවන්ට ගොදුරු කර ගැනීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ. වට්ස්ඇප් ගිණුම් හිමියන්ගේ ගිණුම් හැක් කිරීම මගින් ඔවුන්ගේ සබඳතා ලැයිස්තුවට අයත් සෙසු පුද්ගලයින් වෙත පණිවිඩ යොමු කර මුදල් හෝ ආධාර ඉල්ලීම මෙහිදී සිදු වන බවයි.


මුදල් වංචා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.


ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මැදිහත්වන බවද ඔහු කියා සිටියා.