නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරලී තිබෙනවා.
අද උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදිය.
එහි ගමන්ගත් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ඇති බවයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.