Thursday, April 24, 2025

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ වර්ෂාවක් ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.