Thursday, April 24, 2025

General line - 0115112241

ඉන්ධන සහ විදුලි මිල සංශෝධනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්



ඉන්ධන සහ විදුලි ගාස්තු මිල ස්ථිර වශයෙන්ම ජනතාවට දැනෙන ආකරයෙන් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දඹුල්ලේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්වන තුරු දුප්පත් ජනතාවට ද සහන රැසක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.


දූෂණ චෝදනා එල්ල වූ සියලුම පුද්ගලයන්ට ඉදිරියේදී නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.