Sunday, April 13, 2025

General line - 0115112241

ඩ්‍රෝන යානා 32ක් යුක්‍රේනයෙන් රුසියාවට



යුක්‍රේනය විසින් රුසියාවට ඩ්‍රෝන යානා 32ක් යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා 

යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනය විසින් සිදුකළ විශාලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියානු ආරක්ෂක අංශ විසින්  ඩ්‍රෝන යානා බිම හෙළීමට කටයුතු කර ඇති අතර රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දමා ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුනා.

කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.