Thursday, April 24, 2025

General line - 0115112241

නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත



නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ සියලුම ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි.

ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92,481 ක් අතරේ රුපියල් දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් 750 ක මුදලක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.