Sunday, April 13, 2025

General line - 0115112241

මෙක්සිකෝවේ අවන්හලක වෙඩි තැබීමක් - පුද්ගලයින් 10 ක් මරුට



මෙක්සිකෝවේ, ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකු ද වනවා.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 07 දෙනෙකු  තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සඳහා පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අතරින් එක් අයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.