කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන, මෙරටට ඇතුළු වීමට තැත් කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිස 2004 වසරේ මන්නාරමේ සිට බෝට්ටුවකින් නීති විරෝධී ලෙස ඉන්දියාව වෙත පළා ගොස් තිබෙනවා.
ඉන්අනතුරුව ඔහු කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන එංගලන්තයට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එංගලන්තයේ සිටින තැරැව්කරුවෙකුට මුදල් ලබාදී කූඨ ලෙස ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ඇති ඔහු ලන්ඩන් නුවර සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.