Tuesday, May 20, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි ගණන 2,811 ක් දක්වා ඉහළට



මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිල සංඛ්‍යාව 2,811 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් පැමිණිලි 2,756 ක්ම ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ප්‍රචණ්ඩ ක්‍රියා 20 ක් ද වාර්තා වී තිබෙනවා. සමස්ත පැමිණිලිවලින් 2,023 ක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

කෙසේවෙතත් ලැබී ඇති සමස්ත පැමිණිලි 2,811 න් 2,162 ක් මේ වන විට විසඳා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.