හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ පවතින මෝටර් රථය සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද නියෝග කළා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට පසුගියදා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව,ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමටද ලක් වුණා.
අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වාර්තා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
සුජීව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, ඒ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ.
පසුව නිවස පිළිබඳ කරුණු සොයා, එහි එම සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පැවසුවා.
එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම ජීප් රථය සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.