Saturday, April 19, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන එක්දින තරගය පන්දුවාර 47කට සීමා වෙයි



ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්  තරගය පන්දුවාර 47කට සිමා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ 2.30 ට ආරම්භ විය.

එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයැවීමට තීරණය කර තිබුනා.

ඒ අනුව වර්ෂාවට තරඟය නතර කරනවිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දු වාර 9කදී කඩුළු 02 ක් දැවී ලකුණු 37 ක් ලබා ගැනීමට සමත් සමත් විය 

මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා සිටිනවා.