Saturday, April 26, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් සහ බිරිදගේ ඇප ඉල්ලීම් යළි ප්‍රතික්‍ෂේප වෙයි



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියට අදාළව ඔවුන් දෙදෙනා පසුගියදා අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.