Friday, April 25, 2025

General line - 0115112241

විශ්වාසය රකිමින් ජනතාවට වැඩ කරන බව අගමැතිනිය කියයි



ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය රකිමින් ජනතාව වෙනුවෙන් වැඩ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව ඇය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි ඇය සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.

මේ, එහිදී අදහස් පළ කළ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.