Friday, April 25, 2025

General line - 0115112241

පාස්කු සිද්ධියට අදාළව යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ගෙවා ඇති මුදල ගැන අනාවරණයක්

උදය කුමාර



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් කරනු ලැබූ නියෝගවලට අනුව මේ වන විට රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳ නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම සිද්ධියට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙහිදී විනිසුරු මඩුල්ල  අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි  මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. 

ඉන් අනතුරුව අදාල පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම වුණා.

අදාල පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.