Saturday, April 26, 2025

General line - 0115112241

පිල්ලෙයානුත් CIDයේ



හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. 

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිවනේසතුරෙයි 

චන්ද්‍රකාන්තන් මහතාගේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව පැවසෙන අසාද් මවුලානා නැමැත්තා ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පිල්ලයාන්ව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවටයි වාර්තා වන්නේ.