Saturday, April 26, 2025

General line - 0115112241

නායයෑමකින් පාසල් සිසුවෙකු ජීවිතක්‍ෂයට

කමල් සුරවීර



මැදමහනුවර, වතුලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. 

එම ප්‍රදේශයට ඇද හැලු‍ණු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි තෙල්දෙණිය පොලීසිය පැවසුවේ. 

නිවසේ නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතරට සිරවී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි වතුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.