Tuesday, May 20, 2025

General line - 0115112241

භාවිතයට නුසුදුසු සිමෙන්ති තොගයක් හොරෙන්ම වරායට



මෙරට තුල භාවිතා කිරීමට අවසරයක් ලබාදී නොමැති සිමෙන්ති මෙටි්‍රක්  ටොන් 200ක් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වනවා. 

ඒ, චීන සමාගමක් විසින්. මයික්‍රෝ ෆයින් නැමති එම සිමෙන්ති තොගය මෙරටට ගෙන්වා ඇත්තේ උතුරුමැද මහ ඇල ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත උමගේ ඉදිකිරීම් භාර චීන සමාගමක් විසින් බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පරිසරවේදීන්ගෙන්ද කරුණු විමසීමක් කලා. 

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නේ අදාල සිමෙන්ති තොගය භාවිත කලහොත් මෙරට පරිසර පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විධිමත් තක්සේරුවක් කල යුතු බවයි.

කෙසේවෙතත් අදාල සිමෙන්ති වර්ගය මෙරට භාවිතා කිරීමට අනුමැතියක් නොමැති බැවින් රේගු දෙපාර්තමේන්තුව අදාල සිමෙන්ති තොගය වරායෙන් නිදහස් කර නැහැ. 

එහෙත් එම සිමෙන්ති තොගය මෙරටට ගෙන්වූ චීන සමාගම ඒවා වරායෙන් නිදහස් නර ගැනීමට මේ වන විට උත්සහ දරමින් සිටින බවටයි වාර්තා වන්නේ.