Tuesday, April 29, 2025

General line - 0115112241

සිංහල හා දෙමළ පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්



2024 වර්ෂයේ, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා. 

ඒ අනුව සියලු‍ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. කෙසේවෙතත් මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වන සිකුරාදා දින බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.