Wednesday, May 28, 2025

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට දිගු දුර මිසයිල ප්‍රහාරයක්



නැගෙනහිර යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරයට තම හමුදා විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කල බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. 

ඒ ඔරෙෂ්නික් ලෙස හඳුන්වන දිගු දුර මිසයිල භාවිතා කරමින්. 

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රහාරය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් බටහිර රටවලට සිදු කල අනතුරු ඇඟවීමක්  ද වන බවයි. 

අමෙරිකාව සහ බි්‍රතාන්‍යය විසින් යුක්‍රේනයට සහය දැක්වීමට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කල බව රුසියානු ජනාධිපතිවරයා පවසනවා. 

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසන්නේ මෙම ප්‍රහාරය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් වන බවයි.