Tuesday, May 20, 2025

General line - 0115112241

ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇය දෙසැම්බර් මස 02 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය හා ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.