Monday, May 19, 2025

General line - 0115112241

ජනපති ලේකම් හා ජපාන තානාපති අතර හමුවක්



ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට ජපාන තානාපතිවරයා එහිදී සුබ පැතුම් එක් කර තිබෙනවා. 

නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවද ජපාන තානාපතිවරයා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.