Tuesday, April 29, 2025

General line - 0115112241

මන්ත්‍රී හේෂාගෙ යෝජනාව ගැන මාලිමාව කතා කරයි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා කළ යෝජනාවට අවශ්‍ය අයට අනුගත විය හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර ආබාධිත සහිත ප්‍රජාවට ඉදිරියේදී සුභදායී වනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.