Wednesday, May 21, 2025

General line - 0115112241

ජනතාවට සහන ලබා නොදෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී නව නීති 



වෙළඳපොළ තුළින් ජනතාවට ලැබිය යුතු සහන නිසි ආකාරව ලබා නොදෙන  මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී නව නීති ක්‍රමවේද හරහා පියවර ගැනීමට සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

වෙළඳපොළ තුළ පවතින විවිධ අකටයුතුකම් මඟහරවමින් ජනතාවට ඉදිරියේදී සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 


ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ජාතික ජන බලවේගයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.