Tuesday, April 29, 2025

General line - 0115112241

බෝතැන්න ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කෙරේ

කාංචන ආරියදාස



මහවැලි ගඟේ ජලධාරිතාවය ඉහළ යාමත් සමඟ නාවුල, බෝතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම පිරී එහි වාන් දොරටු 06 ක් අද උදෑසන විවෘත කර තිබෙනවා. 

ඒ හේතුවෙන් මොරගහකන්ද දක්වා දිවෙන අඹන් ගඟ දෙපස ජනතාව සැලකිලිමත් විය යුතු බවයි බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසුවේ. 

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වන විට තත්පරයට ඝන අඩි විසිදහසක ජල ප්‍රමාණයක් අඹන් ගඟට මුදා හැරෙන බවද ජලාශ භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.