Tuesday, May 20, 2025

General line - 0115112241

මාතලේ රත්තොට විහාරස්ථානයකට පස් කන්දක් කඩා වැටෙයි

මහේෂ් කීර්තිරත්න



දින දෙකක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රත්තොට වැටැස්යාය අශෝකාරාම විහාරස්ථානයේ සංඝවාස ගොඩනැගිල්ලට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විනාශ වි ඇති බවයි. 

කෙසේවෙතත් පස් කන්ද කඩා වැටීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

මේ අතර, අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ද තැනින් තැන මාර්ගවලට ගස් කඩාවැටීම, පස්කඳු කඩාවැටීම ඇතුළු සිද්ධීන් කිහිපයක් වාර්තාවන බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පවසනවා. 

ඒ, රත්තොට, පල්ලේපොල, මාතලේ හා විල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකයි.