Wednesday, April 30, 2025

General line - 0115112241

වට්ස්ඇප් හැක් කිරීම් ගැන ඉරිදා දිනවල පැමිණිලි කරන්නේ කාටද?



වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුල්වීම් සම්බන්ධයෙන් ඊට අදාළ රජයේ ආයතනවලට ඉරිදා දිනවල පැමිණිලි කිරීමට නොහැකි බවට චෝදනා එල්ල වනවා. 

සිය වට්ස්ඇප් ගිණුමට අනවසරයෙන් ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එලෙස ඉරිදා දිනයේ පැමිණිලි කිරීමට නොහැකි වූ බවයි ප්‍රධාන බැංකුවක නිලධාරියෙක් නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුල්වීම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. 

එය සිදුකිරීම ප්‍රමාද වන්නේ නම් හැකර්වරුන්ගේ එම ගිණුමට වන හානිය අති විශාලයි. 

හැකර්වරුන් වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුලු වී මුදල් වංචාවන් සිදුකරනු ලබනවා. 

ඒ, වට්ස්ඇප් ගිණුම්වල දුරකතන නාමාවලියට ඇතුළු වී එම දුරකතනවලට කෙටි පණිවිඩ යොමු කරමින්. 

හැකර්වරුන් සිය වට්ස්ඇප් ගිණුමේ ඇති දුරකතන නාමාවලියේ දුරකතන අංකවලටද එලෙස කෙටි පණිවිඩ යොමු කර ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අදාළ ප්‍රධාන බැංකුවේ  නිලධාරියා පැවසුවේ. 

තමන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් සැත්කමක් සිදුකිරීම සදහා රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදෙන ලෙසත් එලෙස සිය වට්ස්ඇප් දුරකතන නාමාවලියේ අංක වෙත කෙටි පණිවිඩ යොමු කර ඇති බවද ඔහු කියාසිටියා. 

තමන් විසින් එම කෙටි පණිවිඩය එවා ඇති බවට විශ්වාස කළ සිය මිතුරෙක් විසින් හැකර්වරුන් ලබාදී ඇති ගිණුම් අංකයක් වෙත රුපියල් ලක්‍ෂයක මුදලක් තැන්පත් කර ඇති බවයි එම බැංකු නිලධාරියා වැඩිදුරටත් කියාසිටියේ.