Saturday, March 29, 2025

General line - 0115112241

මෙවර උසස් පෙළට මුහුණ දුන් සිසුවෙකු ඔරුවක් පෙරළි ජීවිතක්ෂයට 



ඔරුවක් පෙරළිමෙන් මෙවර උසස් පෙළට මුහුණ දුන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා 

ඒ සෙල්ලකතරගම අක්කර විස්ස වැව ආසන්නයේ නවතා තිබු ඔරුවක් සිසුන් පස්දෙනෙකු විසින් විනෝදය සඳහා පැද ගොස් පෙරලිමේදීයි.

අද සවස  සිදු වූ එම අනතුරෙන් සිසුන් හතර දෙනෙකුගේ  දිවි බේරා ගැනීමට ගම්වාසීන් කටයුතු කර තිබෙනවා.

එම සිසුන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් වන අතර අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙක්

මියගිය සිසුවාගේ මළ සිරුර මේ වන විට කතරගම දිසා රෝහලේ තැන්පත් කර තිබෙනවා.