Thursday, March 20, 2025

General line - 0115112241

දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 348 ක ඉලක්කයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

සිව්වන දිනයේ ලකුණු 348 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු තුනක් දැවී ලකුණු 64 ක් ලබාගෙන සිටියා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේ සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 317 ක් පමණයි. 

පළමු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 328 ක් රැස් කළා.