Tuesday, April 29, 2025

General line - 0115112241

ගම්පහ වෙඩි තැබීමක්




ගම්පහ, කවුඩන්ගහ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

 එහිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ 39 හැවිරිදි තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු එම පුද්ගලයාට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.