රට තුළ පවතින පොල් හිඟයට හේතුව පොල් වෙළඳපොළේ පවතින මාෆියාවක් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.
නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දීර්ඝ කාලයක් පුරා සිදු වූ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ලෙස පොල් නිෂ්පාදනය විශාල ලෙස අඩුවී ඇති බවයි.
දඬු ලේනුන් සහ රිළවුන් විසින් පමණක් වර්ෂයකට පොල් ගෙඩි මිලියන සියයකට වඩා විනාශ කර දැමීම පොල් නිෂ්පාදනය අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මොනරුන්, රිළවුන්, වඳුරන් වැනි සතුන්ගේ ස්වභාවික විලෝපිකයන් නොමැති වීම එම සත්ව විශේෂ සීඝ්‍ර වර්ධනයට හේතු වී තිබෙනවා.
මෙරට රිළවුන් ගහණය ලක්ෂ 30 ඉක්මවා ඇති බවද මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.