Tuesday, April 29, 2025

General line - 0115112241

නව සුරාබඳු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ



නව සුරාබඳු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ එල් උදය කුමාර පෙරේරා මහතා පත්කර තිබෙනවා. 

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු ලෙස මීට පෙර කටයුතු කළා. 

සුරාබඳු කොමසාරිස් ජනරාල් තනතුරේ කටයුතු කළ යූ ඩී එන් ජයවීර මහතා යළි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර තිබෙනවා.

මේ අතර සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනු ලබන  පී එම් කේ හෙට්ටිආරච්චි මහතා පත් කර තිබෙනවා.