මැදපෙරදිග කලාපය යළි උණුසුම් කරමින් ඊශ්‍රායලය විසින් සිරියාවට දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින දෙකක් තුළ පමණක් සිරියාවට ප්‍රහාර 480ක් එල්ල කර ඇති බවයි. සිරියාව පුරා හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරද දියත් කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ සිරියාවේ වරායන් දෙකකටද පහර දුන් බවයි. සිරියානු දේශසීමා සිට යුද මුක්ත ආරක්‍ෂිත කලාපයක් තුළට හමුදා භට කණ්ඩායම් යොමු කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කර ඇත්තේ.
ඔවුන් එවැනි පියවරක් ගෙන ඇත්තේ වසර 50කට පසු පළමු වරටයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස්, හිස්බුල්ලා සහ ඉරානයට එල්ල කළ දරුණු ප්‍රහාරවල සෘජු ප්‍රතිඵලයක් ලෙස සිරියානු බසාර් අල් අසාද්ගේ පාලනය බිඳවැටී ඇති බවයි.
මේ අතර සිරියාවේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මකයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කර තිබුණා.
පසුගිය ඉරිදා සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියා.
ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.