Wednesday, May 21, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකකට රැස්වෙයි



පාර්ලිමේන්තුව 17 සහ 18 වන දිනවල පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. 

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වූ බවයි ඇය පැවසුවේ. 

ඒ අනුව එම දින දෙකේ පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.