Tuesday, May 20, 2025

General line - 0115112241

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ



කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති අනුර දිසානායක මහතා විසින්. 

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින් වෙත අද ජනාධිපති කාර්යාලයේදී පිරිනමා තිබෙනවා. 

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස පත්කර ඇත්තේ ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතායි. 

ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් එම කමිටුවේ  සෙසු සාමාජිකයන් වනවා.