Sunday, April 27, 2025

General line - 0115112241

අධිකරණ ඇමතිගේ ආචාර්ය නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියට ආ හැටි හෙළිවෙයි



පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ තිබූ ආචාර්ය නාමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.                   

ඒ, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව, එම අතපසුවීම නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරික්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.