Thursday, March 13, 2025

General line - 0115112241

නෙත් අයස්කාන්තය ප්‍රසංගය තවත් නොබෝ වේලාවකින්



ශ්‍රී ලාංකීය රසිකයින්ට හිමි වන සුවිශේෂී වින්දනාත්මක අත්දැකීම නෙත් එෆ් එම් “අයස්කාන්තය” ප්‍රසංගය පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

 ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂකයින්ගෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලද පිරී ගොස් තිබෙනවා. 

නෙත් එෆ් එම් 19 වන සංවත්සරයෙන් 20 වන සංවත්සරයට පා තබන ගමන සනිටුහන් කිරීමේ අවස්ථාවක් ලෙසයි මෙවර අයස්කාන්තය ප්‍රසංගය පවත්වනු ලබන්නේ. 

පසුගිය නොවැම්බර් මස 03වනදා 19වන සංවත්සරය සැමරූ නෙත් එෆ් එම් රේඩියෝව එතැන් සිට 20වන සංවත්සරය දක්වා යන ගමනේදී තවත් සුවිශේෂී වැඩසටහන් රැසක් සිය රසිකයින් වෙනුවෙන් ගෙන ඒමට සූදානමින් සිටිනවා. 

ඒ අනුව මෙවර නෙත් එෆ් එම් අයස්කාන්තය ප්‍රසංගයද වෙනදාටත් වඩා සුවිශේෂී අන්දමින් ඉදිරිපත් කිරීමටයි සියලු කටයුතු  සූදානම් කර ඇත්තේ. 

අතුල අධිකාරී, සංඛ දිනෙත් සහ කාංචනා අනුරාධි මෙවර අයස්කාන්තය ප්‍රසංගය සිය මනෝහර හඬින් හැඩ ගැන්වීමට සූදානමින් සිටිනවා. 

මෙවර ප්‍රසංගය සංගීතවත් කරන්නේ සරිත් සුරිත් සමග ‘නිවුස්’ සංගීත කණ්ඩායමයි.
 

නෙත් එෆ් එම් අයස්කාන්තය ප්‍රසංගය පිළිබඳ තවත් තොරතුරු කොළඹ නෙළුම් පොකුණ රඟහලේ රැඳී සිටින නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ කළමනාකරු - වැඩසටහන් මනෝජ් උදටියාවලගෙන්. 


නෙත් එෆ් එම් අයස්කාන්තය ප්‍රසංගය සඳහා එන් ඩී බී බැංකුව, ඒ අයි ඒ ඉන්ෂුවරන්ස්, ඩී එස් අයි බීට් ස්ලිපර්ස්, විෂන් කෙයා සහ මෝතා අනුග්‍රහය දක්වනවා.