Thursday, March 13, 2025

General line - 0115112241

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්



ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. 

මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. 

ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. 

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මීට පෙර සඳහන් කළා.

ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය නොවැම්බර් මස 26 දින නිකුත් කෙරුණා.

බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමග ප්‍රතිපත්තිමය එකඟතාවක් 2024 සැප්තැම්බර් 19 වැනිදා එළැඹ තිබුණි. 

ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වෙයි.