නවමු ප්‍රසාංගික අත්දැකිමක් එක් කළ නෙත් අයස්කාන්තය සංගීතමය රාත්‍රිය ඊයේ සාර්ථකව අවසන් වුණා.
ප්‍රසංගය ආරම්භ වීමට කල්වේලා ඇතිව ප්‍රවේශපත්‍ර ලබාගෙන සිටි සංගීතයට හිතැති සියලුදෙනා නෙලුම් පොකුණට රැස්ව සිටියේ ප්‍රසංගය ආරම්භ වීමට පැයකටත් පෙරයි.
ඒ අතරට කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සිටින නෙත් ශ්‍රාවකයින් එක්ව සිටියා. ප්‍රසංගය ආරම්භ වූ මොහොතේ සිට අවසන් මොහොත දක්වාම එක්ව සිටි සියලුදෙනා සංගීතමය ආශ්වාදයක නිරත වී සිටිම දක්නට ලැබුණා.
මෙවර ප්‍රසංගය සංගීතවත් කළේ සරිත් සුරිත් සමග නිවුස් සංගීත කණ්ඩායමයි. අතුල අධිකාරී, සංඛ දිනෙත් සහ කාංචනා අනුරාධි මෙවර අයස්කාන්තය ප්‍රසංගය සිය මනෝහර හඬින් හැඩ ගැන්වූවා.
එහිදී නවමු ප්‍රසාංගික අත්දැකීමක් ලබා ගැනීමට තමන්ට හැකිවූ බවයි අයස්කාන්තය ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි නෙත් ශ්‍රාවකයින් පැවසුවේ.
නෙත් එෆ් එම් අයස්කාන්තය ප්‍රසංගය සඳහා එන් ඩී බී බැංකුව, ඒ අයි ඒ ඉන්ෂුවරන්ස්, ඩී එස් අයි බීට් ස්ලිපර්ස්, විෂන් කෙයා සහ මෝතා අනුග්‍රහය දැක්වූවා.