Saturday, April 26, 2025

General line - 0115112241

සිරියාවේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීම ඇරඹේ



ගැටුම් පවතින සිරියාවේ සිටින ඉන්දීය ජාතිකයින් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව සිරියාවෙන් ඉවත් කරන ලද ඉන්දියානුවන් හතර දෙනෙකු අද දිල්ලි ගුවන් තොටුපළට පැමිණ තිබුණා.

එම ඉන්දීය ජාතිකයින් ඉන්දියාවට පැමිණීම පිළිබඳව සතුට පළ කර ඇති අතර ඔවුන් ආපසු සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය තානාපති කාර්යාලය දැරූ උත්සාහය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා.

තානාපති කාර්යාලයේ මෙම ක්‍රියාව සිරියාවේ ප්‍රචණ්ඩත්වයට හසු වූ සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් බවයි ඔවුන් පවසා ඇත්තේ.

එලෙස යළිත් ඉන්දියාවට පැමිණි ඉන්දියානුවෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ “මම දවස් 15-20කට කලින් එහෙ ගියා.මේක වෙයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ.ඉන්දීය තානාපති කාර්යාලයෙන් අපිව අයින් කළා.මුලින්ම අපිව ලෙබනනයටත් ඊට පස්සේ ගෝවාටත් එක්කගෙන ගිහින් අද අපි දිල්ලියට ආවා.අපිට සතුටුයි අපි අපේ රටට ආපු එක ගැන. සිරියාවේ ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් අපිව දිල්ලියට ගෙනාවා.'' යනුවෙනි.