Thursday, March 13, 2025

General line - 0115112241

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති අද ඉන්දියාවට



ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

ජනාධිපතිවරයා ලබන 17 වනදා දක්වා ඉන්දියාව් රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. 

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා එක්වන පළමු නිල සංචාරය මෙය වනවා. 

ඒ අනුව, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ එරට ජනාධිපතිනිය කළ ආරාධනාවකට අනුවයි. 

එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව තිබෙනවා. 

එහිදී ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. 

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද එක්වනවා. 

එමෙන්ම ජනාධිපතිවරයා බුද්ධගයාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.