Saturday, April 26, 2025

General line - 0115112241

වැලිපැන්න ආපන ශාලාවක ඇති වූ ගැටුමකින් තිදෙනෙකු රෝහල් ගත කෙරේ

සෝමරත්න පොද්දෙණිය



වැලිපැනන, ගබඩා හන්දිය ප්‍රදේශයේ ආපනශාලාවකට ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් පිරිසක් හා එම ආපනශාලාවේ සේවකයන් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා තිබෙනවා. 

එලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන හා මීගහතැන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 32 සහ 34 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්. 

කැපුම් තුවාල සහිතව ඉත්තෑපාන රෝහල වෙත ඇතුලත් කළ එම පුද්ගලයින් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනෙකු අත්අඩංගුට ගැනීමට නියමිතව බවයි පොලිසිය පැවසුවේ.