Saturday, April 26, 2025

General line - 0115112241

මීගොඩ වෙඩි තැබීමක් 



මීගොඩ පොලිස් වසමේ නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

ඊයේ රාත්‍රීදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර කාර් රථයෙන් තම බිරිඳ හා කුඩා දරුවා සමග වැඩිමහල් සහෝදරයෙකුගේ නිවසේ පැවති සාදයකට ගොස් නැවත තම නිවසට පැමිණෙමින් සිටියදී වෙඩි තබා පලාගොස් ඇති බවයි මීගොඩ පොලිසිය සඳහන් කර සිටියේ 

නාගහවත්ත කැලෑබඳ ප්‍රදේශයේදී මාර්ගය අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකු එක්වරම මාර්ගයට පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලිසිය විසින් සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 අවියක් භාවිතා කර ඇති බවයි  පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා 

මියගිය පුද්ගලයා අවුරුදු 32 ක් වන නාගහවත්ත පාර, මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි මීගොඩ පොලිසිය පැවසුවේ 

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි