Saturday, April 26, 2025

General line - 0115112241

රජය විසින් ආනයනය කරන ලද සහල් දිවයිනට පැමිණීම ප්‍රමාද වෙයි



රජය විසින් ආනයන කරන ලද සහල් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණ ද එය ලබන 19 වන දින දක්වා ප්‍රමාද විය හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ පෞද්ගලික අංශය ද හාල් ආනයනය කිරීමත් සමඟ නැව්වල ඇති වී ඇති තදබදය ඊට හේතුව බවයි. 

නියමිත ප්‍රමිතියෙන් යුත් සහල් පමණක් ඉන්දියාවෙන් ලබා ගන්නා බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.