Tuesday, May 20, 2025

General line - 0115112241

මීටියාගොඩ වෙඩි තැබීමක් - දෙදෙනෙකුට තුවාල



මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ දියණිය තුවාල ලබා තිබෙනවා. 

ඔවුන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

පියා ද බලපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් දෙදෙනා නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රියේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. 

පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.