Thursday, March 13, 2025

General line - 0115112241

වැල්ලවාය තුනේ කණුවේ වගා බිම් රැසකට වන අලි කඩා වදී

ජයන්ත වීරසේකර



වැල්ලවාය, තුනේ කණුව ප්‍රදේශයට කඩා වැදුණු වනඅලි රංචුවක් ප්‍රදේශයේ වගා රැසකට හානි සිදුකර තිබෙනවා. 

ගොවීන් පැවසුවේ කෙසෙල්, මුං ඇට සහ රටකජු වගාවන් රැසකට එලෙස වන අලි හානි සිදුකර ඇති බවයි.

 එමෙන්ම ප්‍රදේශයේ විදුලි රැහැන් කණු කිහිපයක් ද වන අලි විසින් සම්පූර්ණයෙන් කඩා දමා තිබෙනවා.

 අලිවැට කඩා දමා වන අලි මෙලෙස ගම්වදින බවයි ගොවීන් පැවසුවේ. 

සිය ප්‍රදේශයට පවතින වන අලි ගැටළුවට ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.