Thursday, March 13, 2025

General line - 0115112241

යාපනයේදී මී උණ රෝගයෙන් මියගිය පුද්ගලයන් 08ක් දක්වා ඉහළට

දිනසේන රතුගමගේ



යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ, ඔහු යාපනය ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 

උණ රෝගය වැළදී සිටි ඔහු පළමුව ඇතුළත් කර තිබුණේ පේදුරුතුඩුව රෝහල වෙතයි. 

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියා කෝමා තත්ත්වයට පත්වීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුව දින 05 ක කාලයක් ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්. 

ඒ අනුව මී උණ රෝගය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ මියගිය පුද්ගලයින් ගණන 08 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.