Tuesday, May 20, 2025

General line - 0115112241

නිවසක තිබු ටී 56 උණ්ඩ තොගයක් STF භාරයට



ටී 56 ගිනි අවි සහ පිස්තෝල සඳහා භාවිත කරනු ලබන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, එම බලකායේ උතුරු පළාත් විශේෂ වැටලිම් එකකයේ නිලධාරීන් කණ්ඩායමක් මුරුංගන්, නානාට්ටාන් ප්‍රදේශයේ නිවසක් තුල සිදුකල වැටලීමකදීයි. 

එහි තිබී ටී 56 උණ්ඩ 30 ක් ඇතුළු උණ්ඩ 95 ක් සොයාගෙන තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුරුංගන් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.