Thursday, March 13, 2025

General line - 0115112241

ගෝල් මාවල්ස් හිමිකරු යළි බන්ධනාගාරයට

උදය කුමාර



ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තකාර් නමැත්තා ලබන 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. 

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී - 10 ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි චෝදනාව යටතේ ඔහු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.