Thursday, March 13, 2025

General line - 0115112241

ප්‍රංශයේ සිට මෙරටට මත්පෙති ආනයනය කළ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම්

උදය කුමාර



මෙරටට මත්පෙති ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළා.

ඒ, 2020 වසරේ ප්‍රංශයේ සිට මත්පෙති 5,000 කට අධික සංඛ්‍යාවක් ගෙන ඒමේ චෝදනාව යටතේයි. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස සිරදඬුවම් නියම වුණේ කොළඹ 12, මිරානියා විදියේ පදිංචි පුද්ගලයෙකුටයි. 

2020 වසරේ ජූලි මස 10 වනදා ප්‍රංශයේ සිට  නීති විරෝධී මත්පෙති 5,716 ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.